Home News 80 දශකයෙන් ඉක්බිති මාධ්‍යයට සිදු වූයේ කුමක් ද…? – Ideas front වීඩියෝවක්
News

80 දශකයෙන් ඉක්බිති මාධ්‍යයට සිදු වූයේ කුමක් ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

80 දශකය තෙක් මාධ්‍යවේදියා මෙන් ම මාධ්‍යය ද කිසියම් ප්‍රමිතිගත තත්ත්වයක පැවත, 83 ජූලි කලබලයෙන් ඉක්බිති ඇතැම් මාධ්‍ය ජාතිවාදයට නැඹුරුව, මින් විසිපස් වසරකට පෙර මාධ්‍යවේදියා සහ මාධ්‍ය අවප්‍රමාණයට ලක් වූ බවත් එම විසිපස් වසරින් ඉකිබිති කවුරුන් හෝ මාධ්‍යවේදියා ගේ හෝ මාධ්‍යයේ සමාජ විද්‍යාව සොයා ගන්නේ නම් එය, අපූරු සොයාගැනීමක් විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

රටක විපක්ෂ නායක යනු ජනතාවගේ බදු මුදලින් අවම මිලියන තුනක් පමණ වැය කර නඩත්තු කරන පුද්ගලයෙක් බවත්, ඔහු හෝ ඇය පවතින ආණ්ඩුව අර්බුදයට යන මොහොතක එය වළක්වා ගත යුතු බවත්, එසේ වුව ද 2022 වසරේ රට අර්බුදයට පත් වූ මොහොතේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස කළේ කුමක් දැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක විමසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...