විපක්ෂය, සම ලිංගිකත්වය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටලවාගෙන ඇතැයි සමබිම පක්ෂයේ නායක, දීප්ති කුමාර ගුණරත්න පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
1981 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන විට පළමුවෙන් ම ඊට විරෝධය පෑවේ එවකට ජනතා විමුක්ති පෙරමුණ බවත් ඊට හේතු වූයේ ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන සටන්පාඨ නොතිබූ බැවින් යැයි එම සාකච්ජාවට එක්වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
එදා සිට වසර ගණනාවක් ම මෙම ප්‍රතිසංස්කරණවලට විරෝධය පෑ ජනතා විමුක්ති පෙරමුණ අවසානයේ ඔවුන් ගේ පාලන සමයක් යටතේ ඉදිරිපත් කරන්නේ ද එදා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ම යැයි විපුල අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
Leave a comment