Home News ලිංගිකත්වය පිළිබඳව ජවිපෙ කුහකත්වය සහ දෙබිඩි බව – Ideas front වීඩියෝවක්
News

ලිංගිකත්වය පිළිබඳව ජවිපෙ කුහකත්වය සහ දෙබිඩි බව – Ideas front වීඩියෝවක්

Share
Share

බටහිර සහ ලතින් ඇමරිකාවේ වාමාංශිකයින් ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතාම ලිබරල් ආකල්පයක සිට කටයුතු කළ ද අවාසනාවකට ජවිපෙ ලිංගික ක්‍රියාවලිය සම්බන්ධයෙන් දෙබිඩි සහ කුහක පිළිවෙතක් අනුගමනය කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාවේ පොලිසිය පුද්ගලයින්ගේ පුද්ගලික ජීවිත තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා මෙතෙක් පැවති කිසිම ආණ්ඩුවක් එඩිතර නොවුණ බව ද දීප්ති මෙහි දී සිහිපත් කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ස්පා යනාදියෙහි සේවයට කාන්තාවන් පැමිණ සිටින්නේ විනෝදාස්වාදයට නොව ඔවුනොවුන්ට තිබෙන ආර්ථික ප්‍රශ්න හේතුවෙන් බවයි.

එමෙන් ම උතුරේ සිට දකුණ දක්වා මිනී කඳු ගොඩගැසූ මේ රටෙහි අන්‍යයන්ගේ ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් තවකෙකුට මැදිහත්වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ද විපුල පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...