ඓතිහාසිකත්වය යනු කුමක් ද? එය කොහොමද, අපි වර නගාගත යුත්තේ? , අර්ථසම්පාදනය කරගත යුත්තේ? ඓයිතිහාසිකත්වය පිළිබඳ ඥාණවිභාගාත්මක (𝐄𝐩𝐢𝐬𝐭𝐞𝐦𝐨𝐥𝐨𝐠𝐲) ගවේෂණයක නියලෙන්නේ කෙසේ ද? අපි යම් සංසිද්ධියක්, එය ඓතිහාසික සංසිද්ධියක් ලෙස හෝ එය ඓතිහාසික සංදර්භයක් යැයි පවසන්නේ ඇයි ? එය නැවත කිසිදාක උදා නොවන නිසයි. එම මොහොත කිසිදා නැවත අප ඉදිරියට පැමිණෙන්නේ නැත. නමුත් එකී ඓතිහාසික සංදර්භය / සිදුවීම්, අනාගතය වෙත සෘජු සහ ආකර්ෂණීය බලපෑමක් සිදු කරනු ලබයි. කවර කලෙක වුවත් එය අප ලුහුබැඳ (𝐡𝐚𝐮𝐧𝐭𝐢𝐧𝐠) පැමිණෙයි. ඉතිහාසය යනු භාෂාමය ගොඩනැංවීමක් පමණක් නොව, එය පසු ආවර්තිත තර්කනයකි. ( 𝐫𝐞𝐭𝐫𝐨𝐬𝐩𝐞𝐜𝐭𝐢𝐯𝐞𝐥𝐲 )

මෙම කෙටි සටහන මා ලියන්නට සිතුවේ පසු ගිය අප්‍රේල් දොළොස් වෙනිදාට යෙදී තිබුනු රොහාන් පෙරේරා නම් වූ ආදරණීය ගුරුවරයාගේ දෙවර්ෂ පූර්ණ අනුස්මරණය වෙනුවෙන් වංගීස සුමනසේකර ( දාර්ශනිකයා ) සිය 𝐟𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 පිටුවේ ලියා තැබූ සටහන නිසා ඇතිවුනු චිත්තාවේගීය සිතිවිලි දහරාවේ මා පැටලී ඇති බව, මා මට ම සපථ කරගත් පසුව ය. වංගීසගේ මෙම 𝐟𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 සටහන දැනට 𝐡𝐞𝐚𝐫𝐭 𝐫𝐞𝐚𝐜𝐭𝐢𝐨𝐧𝐬 25 ක් ද, 𝐜𝐚𝐫𝐞 𝐫𝐞𝐚𝐜𝐭𝐢𝐨𝐧𝐬 08 ක් ද, 𝐥𝐢𝐤𝐞 08 ක් ද දැනට ලැබී ඇත. තවද 35 දෙනෙකු තම තමන්ගේ 𝐟𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 ගිණුම් වල එය 𝐬𝐡𝐚𝐫𝐞 කර ඇත.
ඓතිහාසික සත්‍ය යනුවෙන් දෙයක් ඇත. එය සත්‍යයකි. එය විශ්වය මෙන් සත්‍යයකි. වංගීස මෙම සටහන මගින් සිදු කරන්නට යෙදෙන්නේ කුමක් ද? අපි කලින් සඳහන් කළ, ඓතිහාසික සත්‍යය යටපත් කිරීමයි, එසේත් නැතිනම් එකී ඓතිහාසික ලෝකය අමතක කරවීම යි. ඓතිහාසික සත්‍යක් නොමැති බව ඒත්තු ගැන්වීම යි. එය එසේ නොවන බව පෙන්වාදීමයි. සැබැවින්ම ඔහු මේ ඉටු කරමින් සිටින්නේ කුමක් ද? අන් අය සැටලයිට් වී, තමන් හිරු බවට පත් වීමේ, කූඨ උපක්‍රමශීලී තක්කඩි ව්‍යාපෘතියක එක් පියවරක් ලෙසයි මා මෙය දකින්නේ. මෙම සංසිද්ධිය යනු, ඉතිහාසය ලියා තැබීම නොවේ.
අපේ ජීවිත වල අපට පෙලඹවීමක් තියනවා, අප ජීවත් වන යුගය තුළ ඇති ගති ගුණ, ගතිකයන්, (𝐝𝐲𝐧𝐚𝐦𝐢𝐜) විලාසයන් සහ විචල්‍යයන් ඉතිහාසයට ආරෝපණය කර පසු පසට වී සැනසිල්ලේ ඉන්න. ඉතිහාසයේ දෝංකාරයට බියවී ඇති බැවින් එය අවිඥානික ආශාවන් පිළිබඳ කුහුලකි.
නමුත් ඉතිහසය යනු, වංගීස සුමනසේකර සඳහන් කරන දේ නොවේ. මක්නිසාද යත් අප ජීවත් වන යුගය එක්තරා මොහොතකට පසු වෙනස් වී ඇති බැවිනි. අප මේ ජීවත් වන සමකාලීන ලෝකය, ඉතිහාසයට ආරෝපණය කර සත්‍යයෙන් පලා යාමකි. (𝐞𝐬𝐜𝐚𝐩𝐞) වංගීස සිතන්නේ ලෝකය හැමදාම එකලෙස පවතින බවකි. එනම් සමකාලීනත්වය පරමාදර්ශගත කිරීමයි. තවත් ලෙසකට පැවසුවහොත් අප ජීවත් වන යුගය උත්තම කිරීමකි. රොහාන් පෙරේරා විසින් මතු කරන ලද ප්‍රශ්න කිරීම් වලට වඩා අද යුගයේ වංගීස විසින් මතු කරන අදහස වඩාත් දියුණු යැයි ඔහු පමණක් සිතාගෙන සිටියි. ඔහුගේ 𝐟𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 ලිපියෙන් මතුවන යටිපෙළ අර්ථය යනු එයයි.

ඓතිහාසික ලෝකය අමතක කර දමා සමකාලීනව අප ජීවත් වන යුගය පරමාදර්ශ ගත කිරීම නරුම සතුටකි. වංගීස විසින් එම සතුට භුක්ති විදිමින් සිටියි. (𝐜𝐨𝐧𝐭𝐫𝐚𝐜𝐭) ලෝක ඉතිහාසයේ අප මේ ගෙවමින් සිටින්නේ වඩාත් දියුණු තලයක යැයි උපකල්පනයක කිමිදී සිටියි. (ඉදිරියේදි 𝐨𝐱𝐲𝐠𝐞𝐧 හිඟ තාවයකට මුහුණ දීමට සිදු වීම අනිවර්යයකි.) අප මේ දැන් ජීවත් වන යුගය කිසිදා පැමිණ නැති එසේම යළි කිසිදා නොපැමිණෙන එකක් බව ඔහු ආගමක් සේ අන්ධව අදහයි. සැබැවින්ම මෙය මනංකල්පිත ලෝකයකි. එහි තුළ රමණීය සුරතාන්තයක ආශ්වාදය ලබමින් විනෝද වෙයි. (𝐣𝐨𝐮𝐢𝐬𝐬𝐚𝐧𝐜𝐞) මෙය කිසි ලෙසකත් යුතෝපියාවක් නොවේ.
සැබැවින්ම රොහාන් පෙරේරා ” පාරභෞතික ” යනුවෙන් සඳහන් කරන්නට යෙදුනේ කුමක් ද? එය වංගීස දැන් පවසන අදහසම ද? ඔහු පවසන දේම ද මේ රොහාන් පෙරේරා විසින් මතු කරනු ලැබූයේ? එය සත්‍යයක් ද?
උත්තරය ‘ අතිශයෙන් ම නැත ‘ යන්නයි.
භෞතිකය යනු සංකල්පයක් මිස විද්යාමානයක් නොවේ. දෙය (𝐓𝐡𝐞 𝐓𝐡𝐢𝐧𝐠) අවිද්‍යාමාන නිසා තමයි පාරභෞතිකය සහ භෞතිකය යන දෙකම සංකල්ප තලයට වැටෙන්නේ. මනස්ගාතය වැරදි සන්නිවේදනයක් කරතැයි ඇදහීම දේවධර්මයකි.
අපි දැන් මදකට 𝐉𝐚𝐜𝐪𝐮𝐞𝐬 𝐃𝐞𝐫𝐫𝐢𝐝𝐚 ගේ ලෝකය දෙසට හැරෙමු. 𝐃𝐞𝐫𝐫𝐢𝐝𝐚 විසින් මෙම සංකල්පය නම් කරන්නේ 𝐥𝐨𝐠𝐨𝐜𝐞𝐧𝐭𝐫𝐢𝐜𝐢𝐬𝐦 ලෙසයි. එසෙත් නැතිනම් වාගීශ්වරවාදය හෙවත් වචනය දේවත්වයට පිදීමයි. ( රොහාන් පෙරේරා ගේ අර්ථය වැරදි යි. නමුත් මගේ අර්ථය නිවැරදි යි කියන එක ) මගේ අර්ථයෙන් මට කීමට ඇත්තේ ඔබ 𝐦𝐞𝐭𝐚𝐩𝐡𝐲𝐬𝐢𝐜𝐬 වලට ‘’ පාරභෞතික ‘’ යැයි නම් කරන විට මම එයට කියන්නේ මනස්ගාත කියාය. සෑම වචනයකටම සැසිවාර ( 𝐝𝐨𝐮𝐛𝐥𝐞 𝐬𝐞𝐬𝐬𝐢𝐨𝐧 ) දෙකක් ඇත යන්න, මගේ අධ්‍යන කලාපය තුළින් මට හමු වී ඇති සත්‍යය කි. එබැවින් වංගීසගේ අර්ථය නිවැරදි වනවා සේම මා මෙහිදි මතු කරන අර්ථයත් පවතීයි. ( 𝐞𝐱𝐢𝐬𝐭𝐬 ) සැබැවින්ම මෙහිදී රොහාන් පෙරේරා කීවේ කුමක් ද ? මා එය මේ විදිහට සාරාංශගත කරන්නම්.
❛❛ ස්ත්‍රීන් ඉදිරියේ පිරිමින් සිටින්නේ මනස්ගාත ලෝකයක් තුළ ය. ❜❜
( ආසියාතික බෞද්ධ ස්ත්‍රියක් ඩෙරීඩා ව විසංයෝජනය කළ විට
– ලිපි මාලාව – ප්‍රවාද )

එය භෞතිකයට විරුද්ධ දෙයක් ද? කියන කාරණාව නෙමෙයි මා මෙහිදී මතු කරන්නේ. එය සාපේක්ෂයි ස්ත්‍රියට. එම ලිපි පෙළේ සඳහන් සොක්රටීස් සහ ශෙන්තිප්පේ (𝐒𝐨𝐜𝐫𝐚𝐭𝐞𝐬 & 𝐗𝐚𝐧𝐭𝐡𝐢𝐩𝐩𝐞) ගේ සංවාදය හදාරන්න. සොක්‍රටීස්ව, අල්ලා ගැනීම සඳහා රාජ්‍යයට සම්බන්ද හේවායන් පැමිණෙන විටදී, ශෙන්තිප්පේ කෑ ගසමින් අඬනවා. මේක තමයි ලෝකය තේරුම් ගන්න පුලුවන් ක්‍රම දෙක. පිරිමි කතිකාවට අනුව ( 𝐦𝐚𝐥𝐞 𝐝𝐢𝐬𝐜𝐨𝐮𝐫𝐬𝐞 ) ” සොක්රටීස් සත්‍යය වෙනුවෙන් දිවි පිදුවා.” නමුත් ශෙන්තිප්පේ ට අනුව ” මට සතුට දුන්නු පිරිමියා මට නැති කලා. “
( පිරිමි – 𝐬𝐮𝐛𝐣𝐞𝐜𝐭𝐢𝐯𝐞 )( ආත්මීය )
( ගැහැණු – 𝐨𝐛𝐣𝐞𝐜𝐭𝐢𝐯𝐞 ) ( වස්තුමය )
කේ.කේ. සමන් කුමාර, නිහාල් පීරිස් සහ සිරිමල් විජේසිංහ යනු තිදෙනෙකි. සැබැවින්ම තිදෙනෙකි. වංගීස මෙසේ ආවර්තිතා වගුවකට මෙය ගොනු කරන්නේ ඇයි ? ( චින්තනධාරා – 𝐬𝐨𝐮𝐩 ) මිනිසුන්ගේ භාවිතාවන්, න්‍යායන් සහ චින්තනයන් එසේ ආවර්තිතා වගුකරණය කිරීමේ යටි අදහස කුමක් ද ? එය විකෘතියකි. විපරීතභාවයකි. පවරාගත් කොන්ත්‍රාත්තුවකි.
මා හට රොහාන් පෙරේරා මුණ ගැසුනේ මට වයස අවුරුදු දාහතේ දී ය. එතැන් පටන් රොහාන් පෙරේරා මිය යන තෙක්ම ඔහුව ලඟින් ඇසුරු කිරීමට මා හට ඉඩක් ලැබුණි. ඔහු විසින් රචිත “ජෝති – ඇන්ජලීන් සිනමා ගායනයේ සමාජ විද්‍යාව” නැමැති ලිපි පෙළ ඔහු ලියන අවධිය වන විට මා ඉහු සමග එක ගෙදරක ජීවත් වුනෙමි. (1997) එම ලිපි පෙල සඳහා පාදක වුනු ඇතැම් පොත් මා හරහා ඔහුට ලබා දුන්නේ මගේ පියා ගේ පුද්ගලික ග්රන්ථ එකතුවෙන් ය. 2024 අප්‍රේල් 12 වනදා ඔහු මියයන විට ඔහු ජීවත් වූයේ මා විසින් ඔහුට කෘත ගුණ පූරකව ප්රදානය කළ කුලී පදනම මත ලබාගත් නිවසක ය. එහි භාරකාරත්වය හිමි වී තිබුනේ මා වෙත ය. එය අප දෙදෙනාගේ දීර්ඝ දුරකථන සංවාදවල එක් ප්රතිඵලයකි. තව බොහෝ දෑ සිදුවීමට නියමිතව තිබුනද, වේලාසනින් හිරු බැස ගීයේ ය.

මා දන්නා පරිදී කේ.කේ. සමන් කුමාර කිසිදු අයුරකින් හෝ රොහාන් පෙරේරා ගේ භාවිතය හා චින්තනය සමග සම්භන්ධ වූයේ නැත. දුටු දුටු තැන රොහාන් ට බැන බැන දෙස් දෙවොල් තැබුවේ ය. 1989 – 1990 කාලයේ, කේ. කේ. සමන් කුමාර රොහාන් ගැන පැවසූ බොහෝ දෑ අවශ්‍ය නම් පළ කළ හැකි ය. ඔහු පවසා ඇත්තේ රොහාන් ගැන,
❛❛ මේ පොන්@න වේ^සිගේ පුතා
ළමයි දූෂ#ණය කරන ස්ත්‍රී දූෂ#කයෙක්. ❜❜
( සාක්කි සහිතයි. )
වංගීස සුමනසේකරගේ උමතු වර්ගීකරණය, එසේත් නැති නම් මෙම ආවර්තිතා වගුකරණය සැබවින්ම උමතුවකි. (𝐦𝐚𝐝𝐧𝐞𝐬𝐬) මට අනුව නම් මෙය වූ කලී 𝐏𝐚𝐭𝐡𝐨𝐥𝐨𝐠𝐢𝐜𝐚𝐥 𝐍𝐚𝐫𝐜𝐢𝐬𝐬𝐢𝐬𝐭 කෙනෙකුට ලෝකය පෙනෙන විදිහයි. රෝග ලක්ෂණාත්මක, ආත්මරාගයක් ඇති මිනිසෙක් ලෝකය දකින විදිහයි. ඉතිහාසය නොදැන එය විකෘති කරන්නා විපරීතයෙකි. කේ.කේ. සමන් කුමාරගේ ඉහත සදහන් ප්‍රකාශයට වසර 35 කට පමණ පසු වංගීස විසින් කේ.කේ. සමන් කුමාරට (සර්පයා) රොහාන් පෙරේරා ව සම්භන්ධ කරන්නේ බුද්ධිමය මූලයක අඩිතාලම ලෙස ය. මොන තරම් විකාර රූපී බොළඳ ප්‍රවාදයක් ද මේ ? කේ.කේ. සමන්කුමාර සහ සිරිමල් විජේසිංහ අතරද කිසිදු සහ සම්භන්ධයක් නැත. මේ ප්‍රවාද යනු විපරීත 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 කාරයන් ගොඩනැංවූ මිත්‍යාවන් මිස අන්කිසිවක් නොවේ. 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 ලෝකයට හදුන්වා දෙනු ලැබූ වර්ෂයේදි ( 2005 ) ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවර්ධන වාක්‍යය (𝐦𝐨𝐭𝐨) වූයේ “𝐁𝐫𝐨𝐚𝐝𝐜𝐚𝐬𝐭 𝐘𝐨𝐮𝐫𝐬𝐞𝐥𝐟” යන්නයි. “ඔබ විසින්ම විකාශනය කරගන්න” මෙහි සිංහල අරුතයි.
එය සාම්ප්‍රදායික ශ්‍රව්‍ය දෘශ්‍ය විකාශන නීති රෙගුලාසි වලට පටහැනි වනවා මෙන්ම එක්තරා ආකාරයක රැඩිකල් ප්‍රවේශයක් ද වෙනවා. නමුත් මෙය ලෝක මට්ටමෙන් ම යම්කිසි ඌණ සංවර්ධිත තත්ත්වයක් ප්‍රදර්ශනය කරනවා. ( අශ්ශීල වින්දනය පරමත්වයට නැංවීම උදෙසා 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 සුදාගේ බිහි වීම. ) එමෙන්ම කේ.කේ. සමන් කුමාර සහ සිරිමල් විජේසිංහ යන දෙදෙනාම රොහාන් පෙරේරා ට කිසිඳු දාර්ශනික, න්‍යායික, භාවිතාත්මක සම්භන්ධයක් නැත.
නැත. නැත. නැත. නැත. නැත. නැත.

මා දන්නා සත්‍ය ඉතිහාසයේ දී ඔහුට දාර්ශනික, න්‍යායික, භාවිතාත්මක සම්භන්ධක් තිබුණේ දීප්ති (𝐃𝐊𝐆) සමග පමණි. අනෙක් සියල්ලන්ම 𝐚𝐧𝐭𝐢𝐠𝐨𝐧𝐢𝐬𝐭 ලාය. රොහාන් පෙරේරාගේම වචන වලින් එය මා හට පැහැදිලි කළ දුරකථන හඬ පටයක් පවා මා සතුව ඇත. එය සාරාංශ ගත කළහොත් මෙසේ ය.
❛❛ දීප්ති සහ මම (රොහාන්) අතර ඇත්ත සම්භන්ධය ඔයා හරියට දැනගත්ත දාට ඔයාට කලිසමේ චූ යයි. ❜❜
2024 අප්‍රේල් 14 වන දින රොහාන් ගේ මලගෙදරට කඩා වැදුනු මේ විපරීතයන් සිදු කළ විනාශය මාගේ ජීවිතේ කිසිදාක මට අමතක නොවේ. එය අද පවා මා පෙළන, මා පසුපස ලුහුබැඳ එන කාංසාවකි. කවදා හෝ දිනෙක රොහාන් ගේ අවසාන කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව රොහාන්ගේ ම අත් අකුරින් ලියූ ඉතා කෙටි සටහනක් මා සමග ඇත. එය 2017 දි රොහාන් විසින් ලියා තැබූවකි. එය ඔහු මා අතට පත් කළේ 2023 වර්ෂයේදී ය. එහි මෙසේ සඳහන් වී තිබුණි.

❛❛ මම මැරුණොත් මාගේ මරණය සිංහල ක්‍රමයට ගන්න. – 𝐈𝐧 𝐜𝐚𝐬𝐞 𝐨𝐟 𝐦𝐲 𝐝𝐞𝐚𝐭𝐡, 𝐓𝐚𝐤𝐞 𝐦𝐲 𝐟𝐮𝐧𝐞𝐫𝐚𝐥 𝐢𝐧 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐰𝐚𝐲 ❜❜
– රොහාන් පෙරේරා (08/11/2017)
සැබැවින්ම මේ නරුම රැළ ඉටු කරමින් සිටින්නේ එක්තරා ආකාරයකට අරාජික කොන්ත්‍රාත්තුවකි. (𝐚𝐧𝐚𝐫𝐜𝐡𝐢𝐬𝐭) ඔවුන් පියාට විරුද්ධව කටයුතු කරන්නෝය, පියාගේ මරණය ප්‍රාර්ථනා කරන්නෝය, මවගේ ආශාවේ ගිලී ගිය උමතු රෝගීන්ය, (𝐝𝐞𝐬𝐢𝐫𝐞) ආධුනිකයන් ය, ඉතිහාසය විකෘති කරන්නන් ය, කිසිවක් නොදන්නා තොත්ත බබාලාය, ව්‍යූහයම විනෝදයක් වූ කළ (𝐣𝐨𝐮𝐢𝐬𝐬𝐚𝐧𝐜𝐞) මෙය අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. එය අද අප අත් විඳින කටුක වූත්, අමිහිරි වූත්, වේදනාත්මක වූත් යථාර්ථය යි.
වරක් (2022) රොහාන් පෙරේරා මාගේ හෝකන්දර නිවසට පැමිණ මාගේ බිරිඳ වන යසෝජා හර්ෂණී සහ මා ඉදිරිපිට කිරි තේ බොමින් පැවසූයේ රොහාන් ගේ සහ දීප්තිගේ ව්‍යාපෘතීන් වෙත මා දක්වන නොමසුරු සහයෝගය, ඓතිහාසික සංසිද්ධියක් බවත් සහ එය වහාම ලිපි පෙලක් ලෙස ලියා තැබිය යුතු බවත් ය. නමුත් ඊට පෙර හිරු බැස ගියේ ය. අන්ධකාර රාත්‍රිය පැමිණියේ ය.
මගේ මල්වර සමයේ දී ( 𝐲𝐞𝐚𝐫 𝐦𝐲 𝐯𝐨𝐢𝐜𝐞 𝐛𝐫𝐨𝐤𝐞 ) රොහාන් පෙරේරා සහ මා ජීවත් වූ (1998 ) මහරගම වත්තේගෙදර පාරේ කුලී නිවසේ උඩු මහලේ සාලයේ, බිමටම එල්ල වූ විදුලි පහනක් යටට වී මා කිය වූ සහ මගේ මනසේ තදින් කා වැදුනු පැරණි 𝗫 ව්‍යාපෘතියට අයත් එක්තරා වදනක් මාගේ මනසේ දෝංකාරය නංවමින් මා පසුපස අදද ලුහු බැඳ එයි. (𝐀𝐬𝐡𝐞𝐬 𝐨𝐟 𝐦𝐞𝐦𝐨𝐫𝐲 𝐡𝐚𝐮𝐧𝐭𝐢𝐧𝐠)
❛❛ දහසක් මල් යනු නිදිකුම්බා මල් නොවේ. ❜❜
-උදය ධර්මවර්ධන | 𝟏𝟖 – 𝟎𝟒 – 𝟐𝟎𝟐𝟔
(උපුටා ගැනීම – උදය ධර්මවර්ධන ෆේස්බුක් පිටුවෙන්..)
Leave a comment