Home News ප්‍රජාතන්ත්‍රවාදය පාර්ශ්වයෙන් සජිත් ඉදිරියෙන් – Ideas front වීඩියෝවක්
News

ප්‍රජාතන්ත්‍රවාදය පාර්ශ්වයෙන් සජිත් ඉදිරියෙන් – Ideas front වීඩියෝවක්

Share
Share

ප්‍රජාතන්ත්‍රවාදී පාර්ශ්වයෙන් සලකා බැලුව හොත් වර්තමානයේ ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන නායකයකු ලෙස සජිත් ප්‍රේමදාස හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

සජිත් ප්‍රේමදාස එම තත්ත්වයට පත්ව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන ඇසුර නිසා යැයි ද දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වන විට පොලිස් රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමෙන් සියල්ල කළ හැකි බව මාලිමා ආණ්ඩුව සිතා සිටින බවයි.

පොලිසියේ පත්කිරීම් තුළ පවා දක්නට ලැබෙන්නේ එබඳු ලක්ෂණ යැයි හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...