Home News ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද…? – Ideas front වීඩියෝවක්
News

ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

රුසියාවේ පුටින් ව්‍යාපාරිකයින්ට පැවසුවේ ‘ඔයාල බිස්නස් කරන්න; නමුත් දේශපාලනය සඳහා ආයෝජනය නොකරන්න,’ යනුවෙන් බවත්,

ලංකාවේ ව්‍යාපාරිකයින්ට ද පැවසිය යුත්තේ ‘ඔයාල ඔයාලගෙ ව්‍යාපාර පවත්වාගෙන යන්න; නමුත් දේශපාලනයට ආයෝජනය නොකරන්න,’ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඩොලර් බිලියන 19ක මුදලක් හිමි ව්‍යාපාරික පෙළැන්තියක් ලංකාවේ සිටින බවත්, ලංකාව පාලනය කරන්නේ එම ව්‍යාපාරික පෙළැන්තිය බවයි. නමුත් විවෘත ආර්ථිකය හඳුන්වා දුන්: ජේ. ආර්. ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ යන දෙපළ මෙම ව්‍යාපාරිකයින්ගෙන් දුරස්ව කටයුතු කළ අතර චන්ද්‍රිකා කුමාරතුංග ද යම්තාක් දුරකට එලෙස කටයුතු කළ බව ද හෙතෙම සිහිපත් කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය

1956 වසරේ සිට වාමාංශික කඳවුරෙන් ගිලිහී ගිය ‘ජාතිය සහ ආගම’ පිළිබඳ දෘෂ්ටිවාදාත්මක...

News

ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?

දේශපාලන බලය ලබාගැනීම සහ පවත්වාගෙන යාම සඳහා මෙරට පාලකයන් විසින් ආගම සහ...

News

දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ

සැබෑ ආණ්ඩු වෙනසක් යනු හොරකම් නැවැත්වීමට පමණක් සීමා නොවී, පොදු ජනතාවගේ දෛනික...

News

සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)

වර්තමාන ඩිජිටල් යුගය තුළ ජාතික අනන්‍යතාව, ආගම සහ දේශපාලන මතවාද යනු කිසිදු...