Home Featured ලෙනින්ගෙන් ඉදිරියට
Featured

ලෙනින්ගෙන් ඉදිරියට

Share
Share

ලෙනින් විසින් 1916 පලමු ලෝක යුද්ධය අතරතුර “ධනවාදයේ ඉහලම අවධිය අධිරාජ්‍යවාදයයි” යන කෘතිය රචනා කලේය. එහිදී ලෙනින් පෙන්වා දුන් ප්‍රධාන කාරණා කිහිපයක් ඇත.

ලංකාව බ්‍රිතාන්‍ය විසින් යටත් කරගැනීමට ආසන්න යුගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ මූලෝපායන් පිළිබඳව “නෙරපූ රජු” කෘතියේ ගණනාත ඔබේසේකර මනාව විස්තර කරයි. සිය ප්‍රචාරක යාන්ත්‍රණයේ හැසිරවීමත්, ජෝන් ඩොයිලිව යොදාගැනීමත්, උඩරට රදලයන්ට දුන් දොල පිදේනි හා ජාතිවාදය ඒ රාජ්‍යය තුළට කාන්දු කල අයුරුත් එහි ලියා තිබේ. අපි බ්‍රිතාන්‍යයෙහි යටත් විජිතයක් වන්නේ එහිලා ක්‍රියාත්මක වූ මූලෝපායන් පිළිබඳව අපේ තිබූ “නොදැනුම” නිසාම නොවේ. එය අපි බලාපොරොත්තු වූ වේදනාවද ජනිත කරන නිසාය. නැතහොත් බාහිරින් අපිව පාලනය කිරීමේ ආශාව තුළම අපේ ආශාවද බ්‍රිතාන්‍යයන් විසින් රගදක්වන නිසාය. එයින් අපේ විනෝදයද නිපදවෙන නිසාය. මහින්ද රාජපක්ෂට අපේ ජහමනයා “මහ රජු” යැයි ඇමතුවේ මේ විනෝදය මහින්දද අපි වෙත ලබා දුන් නිසාය. රනිල්ව ප්‍රතික්ෂේප වෙන හේතුවද ඇත්තේ මේ තුළමය. ලංකාවේ රාජ්‍ය පාලනය යනු විනෝදය නිපදවීමේ ආකෘතියක් විනා එය පාලනය කිරීමේ ව්‍යුහයක් නොවේ. රාජ්‍ය තුළම මුදානොගත් ප්‍රදේශ (වරාය, රේගුව, සෞඛ්‍ය, විශ්ව විද්‍යාල) ඇති වන්නේ ඒ නිසාය. සෑම ආන්ඩුවක්ම ජහමනයාගේ ආශාවට අනුව රගපාන්නට යෑම අයිති වෙන්නේ විපරීතභාවයටය.

භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යාංශය හරහා සිදුවූ මුල්‍යමය වංචාවේදී අපි දෑස් හැර බැලිය යුත්තේ ක්‍රමය තුළ අපි කොපමණ මෝඩයන්ද යන්නයි. ධනවාදය ඉදිරියේ මේ තොත්ත බබ්බුන් දන්නා දේශපාලනයක් හෝ රාජ්‍ය පාලනයක් නොමැති බව වඩ, වඩා තහවුරු වෙමින් පවතී. ධනවාදය පද්ධතියක් ලෙස කේන්ද්‍රීය වන විට එහි ප්‍රාග්ධනය සමුච්චනය කරන බලය ශ්‍රමයෙන් ආත්මීය ස්ථානයකට ගමන් කරයි. මාර්ක් සකර්බර්ග් අපෙන් ගන්නේ ශ්‍රමය නොව මෙම ආත්මීය-අවිඥානික කොටසයි. ප්‍රාග්ධනය සෑම ස්ථානයකම පැතිරී ගිය (ජාතිය, ආගම, සංස්කෘතිය) පසු තවත් යාමට ස්ථානයක් නොමැති තත්වයේදී සොයාගත් ස්ථානය ආත්මයයි. එය පුද්ගලයෙකු වශයෙන් ඔබත්, මමත් ධනවාදයට ආශාකරන ස්ථානයද නිපදවයි.

ලාල් කාන්තට බැන වැදී පලක් නොවන්නේ ලාල්ද ආත්මයක් නිසාය. ලාල් එතරම් විශාල නිවසක් හැදීමට හේතුව ලාල්ට භාෂාවට ගෙන ඒමට නොහැකි අතර එය ශේෂය වෙයි. ආත්මය පිහිටන්නේ එතැනයි. අපි විවේචනය කල යුත්තේ මේ ලාල්ගේ අවිඥානික ආශා කලාපයයි. දීප්ති විසින් මනෝවිශ්ලේෂනය දේශපාලන පිටියට කැදවාගෙන එන විට හිනා වූ අය වෙනුවෙන් අපිට දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විය හැකිය. අපි ලෙනින්ගෙන් ඉදිරියට ගියේ ඒ දීප්තිගේ ඉගැන්වීම් හරහාය.

(උපුටා ගැනීම – Samabima Party ෆේස්බුක් පිටුවෙන්..)

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
Featured

චින්තනය, ආවර්තිතා වගු ගත කිරීමේ විනෝදය හෙවත් නරුමවාදයේ රස මිහිර.

ඓතිහාසිකත්වය යනු කුමක් ද? එය කොහොමද, අපි වර නගාගත යුත්තේ? , අර්ථසම්පාදනය...

Featured

නන්දන ගුණතිලක සහෝදරයා ඔබට සුබ ගමන්…!

හිටපු ජ.වි.පෙ.ප්‍රධාන ලේකම්වරයෙකු, අමාත්‍යවරයෙකු, මන්ත්‍රීවරයෙකු, නගර සභා සභාපතිවරයෙකු වූ සහ ජා.නි.පෙ.හිටපු ලේකම්වරයාද...

Featured

පලා යන පියවරුන්ට පසුව “New Father”

‘Father’ චිත්‍රපටය මගින් නිරුපණය වන යථාර්ථය ඉතාම පැතලිය. එහි චරිත නිරූපණය ද...

Featured

ධර්මසේන පතිරාජගේ උදාසීන සිනමාව

ලංකාවේ අතීත වමාංශික දේශපාලන ව්‍යාපාරයන් බොහොමයක් ධර්මසේන පතිරාජගේ සිනමාව සමඟ හේතුවකින් තොරව...