Home News රාජපක්ෂලා යුද්ධය අවසන් කළාට ප්‍රශ්නය විසඳුණා ද…? – Ideas front වීඩියෝවක්
News

රාජපක්ෂලා යුද්ධය අවසන් කළාට ප්‍රශ්නය විසඳුණා ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

රාජපක්ෂ පාලනය විසින් යුද්ධය අවසන් කරනු ලැබූව ද උතුරු නැගෙනහිර ජනතාව ගේ ප්‍රශ්නය සඳහා තිරසාර විසඳුමක් ලබා දෙන්නට අපොහොසත් වූයේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

රාජපක්ෂලා යුද්ධයෙන් අනතුරුව කළ යුතුව තිබුණේ උතුරු නැගෙනහිර ජනතාවට දේශපාලන ව්‍යුහයක් සකසා දීම වුව ද එය කිරීම සඳහා ඔවුන් නොපෙලඹුණේ යැයි දීප්ති වැඩි දුරටත් පැවසී ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ පවතින එක ම දේශපාලන සංස්කෘතිය රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය බවයි.

මේ වන විට මාලිමා ආණ්ඩුව ද එම දේශපාලන සංස්කෘතිය ම අනුගමනය කරමින් යන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

Newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද…? – Ideas front වීඩියෝවක්

රුසියාවේ පුටින් ව්‍යාපාරිකයින්ට පැවසුවේ ‘ඔයාල බිස්නස් කරන්න; නමුත් දේශපාලනය සඳහා ආයෝජනය නොකරන්න,’...

News

ලාංකීය ජන සමාජය දැවැන්ත ගිනිකන්දක් මත ද ?

මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවන ලද ‘IF’  YouTube නාලිකාවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්...

News

ගණිතමය සමීකරණ පාර්ශ්වයේ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද…? Ideas front වීඩියෝවක්

ආර්ථික ක්‍රියාවලිය යනු සමාජ සම්බන්ධයක් වුව ද මෙ වන විට එය ඉවත්...

News

රාජ්‍ය නිලධාරින් දේශපාලනඥයින් ගේ මිතුරන් වුව හොත්…? Ideas front වීඩියෝවක්

රාජ්‍ය නිලධාරීන් හැකි තරම් නීත්‍යනුකූලව කටයුතු කළ යුත් බවත් එසේ නොවුණ හොත්...