Home News ටිල්වින් සිල්වා ගේ ඉන්දීය සංචාරය: නිල ද, නිල නොවන්නක් ද…? Ideas front වීඩියෝවක්
News

ටිල්වින් සිල්වා ගේ ඉන්දීය සංචාරය: නිල ද, නිල නොවන්නක් ද…? Ideas front වීඩියෝවක්

Share
Share

පහළ පන්තියේ කණ්ඩායම් පාලන බලයට පැමිණීමේ දී ව්‍යවස්ථාව භාවිත කිරීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදක්වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

විශේෂයෙන් ම ජනප්‍රියවාදය මතින් බලය ලබාගන්නා පිරිස් බලයට පැමිණි පසු රටෙහි පාලන කටයුතු කරන්නේ ඔවුන්ගේ නිවෙස් පාලනය කරන ආකාරයෙන් යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයකුට; එනම් පක්ෂ ලේකම්වරයාට රටක් නියෝජනය කරමින් තවත් රටක සංචාරයකට සහභාගි විය නොහැකි බවයි.

එමෙන් ම එම ලේකම්වරයා විදේශයකට ගියේ හුදෙක් පුද්ගලික ආරාධනයකට අනුව නම් එම පුද්ගලයා ගේ විදෙස් ගමන් තොරතුරු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශනය කරන්නේ කුමන පදනමෙන් ද යන්න ද හෙතෙම විමසා සිටියේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

Newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...