මේ වන විට ලංකාවේ ඉහළ මධ්‍යම පංතියේ පුද්ගලයින් පවා සිර ගෙට යන තත්ත්වයක් උදා වී ඇති බවත්, ඒ නිසා ම නොව සාමාන්‍ය පරිදි සලකා බැලුව ද, ලංකාවේ අධිකරණ පද්ධතිය සහ බන්ධනාගාර පද්ධතිය භෞතිකව ද, ආත්මීයව ද ප්‍රතිසංස්කරණය විය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් Ideas front youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
විශ්‍රාම යන විනිසුරුවරුන් තවත් වසර තුනක සිට පහ දක්වා පමණ කාලයක් රඳවා ගෙන, විශේෂිත මූල්‍ය ගෙවීමක් ද සිදුකර නීති අධ්‍යාපනය දියුණු කිරීම සඳහා සහභාගි කරගත යුතු යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන – ජයසිරි අලවත්ත
Leave a comment