රටේ පවතින පද්ධතිමය දෝෂ සහ ආර්ථික අර්බුදය හමුවේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපාන අදෘශ්‍යමාන කණ්ඩායම්වල බලපෑම පිළිබඳව සමබිම පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න සහ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක අදහස් පළ කළහ.
ඔවුන් මෙම අදහස් පළ කළේ ”Ideas front” යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දුන්නේ, රාජ්‍ය තන්ත්රය තුළ පවතින මෙම ගැටලු විසඳීම සඳහා පද්ධතිමය ව්‍යුහය වෙනස් කිරීම අත්‍යවශ්‍ය බවයි. පද්ධතිය තුළම සිටින ඇතැම් කණ්ඩායම් වෘත්තිකයන්ගේ නිවැරදි තීරණවලට බාධා කරමින් තම පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ විපුල කරුණාතිලක අදහස් දක්වමින් සඳහන් කළේ, වත්මන් ආර්ථික ක්‍රියාවලිය තුළ පවතින දෝෂ නිසාම ඒවා නැවත නැවතත් පද්ධතිමය අසාර්ථකත්වයන් වෙත ගමන් කරන බවයි. මෙවැනි තත්ත්වයන් ජය ගැනීමට නම් රටේ පාලනය සහ පරිපාලනය කෙරෙහි පවතින දෘෂ්ටි කෝණයන් මුලිනුපුටා දැමිය යුතු බවත්, පද්ධතියේ පවතින දෝෂ නිවැරදි කිරීම සඳහා විනිවිදභාවය අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේ ය.
සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි. මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝවයි
Leave a comment