උතුරෙහි අරගලය ත්රස්තවාදයක් යැයි පැවසීමට මහින්ද රාජපක්ෂට අයිතියක් තිබුණ ද විජේවීරගෙන් පැවත එන ජනතා විමුක්ති පෙරමුණට නම් උතුරෙහි අරගලය ත්‍රස්තවාදය යැයි නම් කිරීමට කිසිසේත් ම අයිතියක් නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ උතුරෙහි ඒල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය සහ දකුණෙහි ජවිපෙ ත්‍රස්තවාදය යනු එකක් ම මිස දෙකක් නොවන බවයි. දෙපාර්ශ්වය ම කළේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසීම යැයි ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන – ජයසිරි අලවත්ත
Leave a comment