Home News විදෙස් ගත ප්‍රජාව ජාතිවාදයට නැඹුරු වූයේ ඇයි…? -Ideas front වීඩියෝවක්
News

විදෙස් ගත ප්‍රජාව ජාතිවාදයට නැඹුරු වූයේ ඇයි…? -Ideas front වීඩියෝවක්

Share
Share

පසුගිය වසර පහළෙවක විස්සක පමණ සිට විදෙස් ගතවූ ප්‍රජාව අතර මානුෂීකරණය වූ පුද්ගලයින් වෙනුවට තම තමන් ගේ රැකියා (ගණකාධිකරණ, ඉංජිනේරු යනාදි) තත්ත්වය මත පමණක් මිනිසුන් මැනීමේ ප්‍රජාවක් බිහි වූ බවත් එම ප්‍රජාව ජාතිවාදී දේශපාලකයින්ගේ ගොදුරු බවට පත්වු බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘’Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ බණ්ඩාරනායක පාලනය රාජ්‍ය භාෂාව සිංහල පමණක් කිරීම හේතුවෙන් මෙරට සිටි විශාල බර්ගර් ජන කොටසක් ඔ්ස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ බවයි.

අනතුරුව මෙරට සිටි දෙමළ ප්‍රජාව පීඩනයට පත්වෙද්දී එම ප්‍රජාව ද යම් ප්‍රමාණයකට එම රටට සංක්‍රමණය වූ බව ද හෙතෙම සිහිපත් කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...