Home News මාලිමා ආණ්ඩුව, නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන තත්ත්වයට පත්වන තුරු සිටියේ ඇයි…? Ideas front වීඩියෝවක්
News

මාලිමා ආණ්ඩුව, නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන තත්ත්වයට පත්වන තුරු සිටියේ ඇයි…? Ideas front වීඩියෝවක්

Share
Share

මේ මොහොතේ ආණ්ඩුව පුද්ගලික මාධ්‍ය පිළිබඳ දොස් පැවරීමෙන් පලක් නොමැති බවත්, ආණ්ඩුව පත්වූ විගස ම රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු විසින් ක්‍රියාත්මක කිරීමට සුදානම් කර තිබූ විජයානන්ද ජයවීර ප්‍රමුඛ ජනමාධ්‍ය නියාමන කොමිසම ක්‍රියාත්මක කළේ නම් අද මෙබඳු තත්ත්වයක් රට තුළ ඇති නොවනු ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 2000 වසර පමණ වනතුරු ජනමාධ්‍යවේදීන්ට පුද්ගලිකව කුමන දේශපාලන මතක් තිබුණ ද පොදුවේ මාධ්‍ය නියාමනික තත්ත්වයක් අදාළ මාධ්‍ය ආයතනවලින් පවත්වාගෙන ගිය බවයි.

දේශපාලනික වශයෙන් පොදු මතයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් පළමු මැදිහත් වීම සිදු කළේ දයසේන ගුණසිංහ බවත්, ඒ්, ජේ. ආර්. ජයවර්ධන ”තමන් ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුය” යනුවෙන් කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස ”තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතු නම් ආණ්ඩුවක් කුමට ද…?” යනුවෙන් විමසා සිය අදහස පළ කිරීම යැයි විපුල සිහිපත් කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

Newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ආණ්ඩුවේ ජනප්‍රියතාව මනින නිර්මාල් ගේ පවුල් පහ – Ideas front වීඩියෝවක්

අගතිවලින් මිදුණු එක ම සමාජ විද්‍යාඥයා ලෙස නම් කළ හැකි වන්නේ නිව්ටන්...

News

වෙරිටේ රිසර්ච් ආයතනය යනු කුමක් ද…? Ideas front වීඩියෝවක්

වෙරිටේ රිසර්ච් ආයතනය යනු එක් කාලයක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද, තවත් කලෙක...

News

රාජපක්ෂලා යුද්ධය අවසන් කළාට ප්‍රශ්නය විසඳුණා ද…? – Ideas front වීඩියෝවක්

රාජපක්ෂ පාලනය විසින් යුද්ධය අවසන් කරනු ලැබූව ද උතුරු නැගෙනහිර ජනතාව ගේ...

News

ටිල්වින් සිල්වා ගේ ඉන්දීය සංචාරය: නිල ද, නිල නොවන්නක් ද…? Ideas front වීඩියෝවක්

පහළ පන්තියේ කණ්ඩායම් පාලන බලයට පැමිණීමේ දී ව්‍යවස්ථාව භාවිත කිරීම සම්බන්ධයෙන් වැඩි...