Home News අටමස්ථානාධිපති පත්කිරීමේ/ඉවත් කිරීමේ බලය පවතින්නේ රාජ්‍යයට ඉහළින් ද…? – Ideas front වීඩියෝවක්
News

අටමස්ථානාධිපති පත්කිරීමේ/ඉවත් කිරීමේ බලය පවතින්නේ රාජ්‍යයට ඉහළින් ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

බුද්ධාගම රාජ්‍යත්වයට සම්බන්ධ කළේ හෝ සංස්ථාපනය කළේ සිංහල පුද්ගලයින් යැයි සමස්ත රටේ ම අදහසක් පැවතිය ද එය වැරැදි අදහසක් බවත්, බුද්ධාගම ලංකාවේ සංස්ථාපිත කර ඇත්තේ එංගලන්තයේ නීතියට අනුව බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

වර්තමානයේ ද අටමස්ථානාධිපති තනතුර පවා පත් කෙරෙනනේ ලංකාවේ සංස්ථාපිත නීතියට අනුව නොව යට කී එංගලන්තයෙන් පනවා ඇති නීතිය යටතේ යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අගමැතිනිය ප්‍රමුඛ, ආණ්ඩු පාර්ශ්වයේ මෙන් ම විපක්ෂයේ කාන්තාවෝ ද ස්ත්‍රීවාදී අදහසකින් දේශපාලනයට එකතු වුව ද ඔවුන් නියෝජනය කරන ස්ත්‍රිවාදයට නියෝජනයක් නොලැබෙන බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...