Home News රුවන් විජයවර්ධන සජිත්ට උදවු කරන්නේ ඇයි…? – Ideas front වීඩියෝවක්
News

රුවන් විජයවර්ධන සජිත්ට උදවු කරන්නේ ඇයි…? – Ideas front වීඩියෝවක්

Share
Share

රුවන් විජයවර්ධන සජිත් ප්‍රේමදාස සමග එකතු වන්නේ ඇයි දැයි ඇතැම් අය නගන ප්‍රශ්නයට පිළිතුර වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන සමයේ රුවන් විජයවර්ධන කිසියම් උපකාරයක් රනිල් වික්‍රමසිංහ ගෙන් බලාපොරොත්තු වුව ද ඥාතිත්වය පසෙක ලා එම උදව්ව නොකර සිටීමට රනිල් වික්‍රමසිංහ වග බලාගෙන ඇති බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

”කිඹුල්වතින් එන සුළගත මට සැපක්” යැයි බුදුන් වහන්සේ පැවසුවේ තම ඥාති පරම්පරාව එහි වෙසෙන බැවින් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම කතාව ඉදිරිපත් කළේ බුදුන් වහන්සේ වුව ද සිය ඥාතින්ට සැලකුව ද, රනිල් වික්‍රමසිංහ සිය ඥාති පුත්‍රයාට විශේෂ සැලකිල්ලක් නොකළේ ඇයි ද යන්න ගැටලුවක් වන බැවිනුත්, මාමා ගෙන් උදව්වක් ලබාගත නොහැකි නම් එතැන සිට කුමක් කරන්න දැයි රුවන් විජයවර්ධන සිතන්නට ඇතැයි යන උපකල්පනය මත ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...