Home News ඉංග්‍රීසි පිළිබඳ ගැටලුවේ දී ජවිපෙ සහ පෙරටුගාමීන් එක සමානයි – Ideas front වීඩියෝවක්
News

ඉංග්‍රීසි පිළිබඳ ගැටලුවේ දී ජවිපෙ සහ පෙරටුගාමීන් එක සමානයි – Ideas front වීඩියෝවක්

Share
Share

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදි පක්ෂය යන පක්ෂ දෙක ම එක ම සමාජ මූලයකින් පැවත එන පක්ෂ දෙකක් බවත්, මේ පක්ෂ දෙකට ම ඉංග්‍රීසි පිළිබඳව යම් ප්‍රශ්නකාරි තත්ත්වයක් පවතින බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ජවිපෙ අධිරාජ්‍ය විරෝධීන් ලෙස හැසිරුණ ද ඉංග්‍රීසි කතා කිරීමට ඉතා ළැදියාවක් දක්වන බව ද දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඉංග්‍රීසි භාෂාව වඩාත් මොළයට කා වදින්නේ වයස අවුරුදු තුනත් පහත් අතර කාලයේ දී බවයි. හරිණි අමරසුරිය ඉංග්‍රීසි භාෂාව හසුරුවන ආකාරයට එම භාෂාව හසුරුවන්නට නම් අවධි කිහිපයක් පසු කරමින් පැමිණිය යුතු යැයි ද විපුල පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...