බුද්ධාගම රාජ්‍යත්වයට සම්බන්ධ කළේ හෝ සංස්ථාපනය කළේ සිංහල පුද්ගලයින් යැයි සමස්ත රටේ ම අදහසක් පැවතිය ද එය වැරැදි අදහසක් බවත්, බුද්ධාගම ලංකාවේ සංස්ථාපිත කර ඇත්තේ එංගලන්තයේ නීතියට අනුව බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
වර්තමානයේ ද අටමස්ථානාධිපති තනතුර පවා පත් කෙරෙනනේ ලංකාවේ සංස්ථාපිත නීතියට අනුව නොව යට කී එංගලන්තයෙන් පනවා ඇති නීතිය යටතේ යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අගමැතිනිය ප්රමුඛ, ආණ්ඩු පාර්ශ්වයේ මෙන් ම විපක්ෂයේ කාන්තාවෝ ද ස්ත්‍රීවාදී අදහසකින් දේශපාලනයට එකතු වුව ද ඔවුන් නියෝජනය කරන ස්ත්‍රිවාදයට නියෝජනයක් නොලැබෙන බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන – ජයසිරි අලවත්ත
Leave a comment