Home News වත්මනෙහි එක පරපුරක් ම මත් ද්‍රව්‍ය වසංගතයට ගොදුරු වෙලා – Ideas front වීඩියෝවක්
News

වත්මනෙහි එක පරපුරක් ම මත් ද්‍රව්‍ය වසංගතයට ගොදුරු වෙලා – Ideas front වීඩියෝවක්

Share
Share

වර්තමාන කම්කරු ක්ෂේත්‍රයේ පිරිස අතුරෙන් 95%පමණ ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙම පිරිස අතරට පෙදරේරු, වඩු කර්මාන්තයේ නියැළෙන අය, වෑද්දුම්කරුවන් බර උසුලන්නන්, රියදුරු සහ කොන්දොස්තරවරුන් සහ සමස්තයක් ලෙස ගොඩනැගිලි ක්ෂේත්‍රයේ සියලු රැකියාවල නිරතවන අය මේ වසංගතයට ගොදුරු වී ඇති බව හෙතෙම අවධාරණය කළේ ය.

අවිධිමත් රැකියාවල නියුතු පිරිස අතුරෙන් බහුතරයක් මේ වන විට විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇතැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක ද පැවසී ය.

මෙබඳු රැකියාවල නියුක්ත වූවන් වෙනුවෙන් රාජ්‍යයේ විශේෂ අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය

1956 වසරේ සිට වාමාංශික කඳවුරෙන් ගිලිහී ගිය ‘ජාතිය සහ ආගම’ පිළිබඳ දෘෂ්ටිවාදාත්මක...

News

ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?

දේශපාලන බලය ලබාගැනීම සහ පවත්වාගෙන යාම සඳහා මෙරට පාලකයන් විසින් ආගම සහ...

News

දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ

සැබෑ ආණ්ඩු වෙනසක් යනු හොරකම් නැවැත්වීමට පමණක් සීමා නොවී, පොදු ජනතාවගේ දෛනික...

News

සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)

වර්තමාන ඩිජිටල් යුගය තුළ ජාතික අනන්‍යතාව, ආගම සහ දේශපාලන මතවාද යනු කිසිදු...