Home News ලාංකීය දේශපාලනයේ කාන්තාවට හිමි ස්ථානය කුමක් ද…? – Ideas front වීඩියෝවක්
News

ලාංකීය දේශපාලනයේ කාන්තාවට හිමි ස්ථානය කුමක් ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

ලංකාවේ දේශපාලනය කරන විට ඒ සඳහා ස්ත්‍රීන් සම්බන්ධ කරගන්නේ නම් ඒ ‘මල් පෝච්චි ක්‍රමය’ට මිසක ඉන් ඔබ්බට නොවිය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ හෝ මාලිමාව වුව ද තීන්දු තීරණ ගැනීමේ අවස්ථාවල දී කාන්තාවන් ඒ සඳහා සහභාගි කර නොගන්නා බව තමන් විශ්වාස කරන්නේ යැයි ද හෙතෙම පැවසී ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වාමාංශික දේශපාලන ව්‍යාපාර සඳහා එකතු වන බොහෝ කාන්තාවන් එම සංවිධාන වෙත පැමිණෙන්නේ ජීවිතයේ සියලු දේ අතහැර නිර්ධනයින් වෙනුවෙන් පෙළ ගැසීමට වුව ද බොහෝ දේශපාලන ව්‍යාපාරවලට පැමිණි එම කාන්තාවන් ඉතා ඉක්මනින් අදාළ දේශපාලන ව්‍යාපාරයේ බලවත් ම පුද්ගලයා සමග සම්බන්ධතාවක් ගොඩනගා ගන්නා බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය

1956 වසරේ සිට වාමාංශික කඳවුරෙන් ගිලිහී ගිය ‘ජාතිය සහ ආගම’ පිළිබඳ දෘෂ්ටිවාදාත්මක...

News

ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?

දේශපාලන බලය ලබාගැනීම සහ පවත්වාගෙන යාම සඳහා මෙරට පාලකයන් විසින් ආගම සහ...

News

දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ

සැබෑ ආණ්ඩු වෙනසක් යනු හොරකම් නැවැත්වීමට පමණක් සීමා නොවී, පොදු ජනතාවගේ දෛනික...

News

සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)

වර්තමාන ඩිජිටල් යුගය තුළ ජාතික අනන්‍යතාව, ආගම සහ දේශපාලන මතවාද යනු කිසිදු...