Home News ලක්ෂ 35කට වැඩි ජනතාව බරපතළ ආර්ථික අර්බුදයක… – Ideas front වීඩියෝවක්
News

ලක්ෂ 35කට වැඩි ජනතාව බරපතළ ආර්ථික අර්බුදයක… – Ideas front වීඩියෝවක්

Share
Share

2019 වසර වන විට එදිනෙදා ජීවිකාව සරි කර ගැනීම සඳහා විවිධ රැකියාවල නියුක්ත පිරිස ලක්ෂ 35ක් සිටි බවත්, කොවිඩ් වසංගතය හේතුවෙන් රට වැසූ සැණින් එම පිරිස බරපතළ අර්බුදයකට මුහුණ පෑ බවත් මේ ව විට එම පිරිස යළි අර්බුදයට මුහුණ පා ඇති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටේ ආර්ථික වර්ධනය යනු ක්‍රිෂාන් බාලේන්ද්‍රන් ගේ ආර්ථිකය හෝ ධම්මික පෙරේරා ගේ ආර්ථිකය නොවන බවයි.

එබඳු පුද්ගලයින් හට මුදලක් ලැබුණ හොත් එය වැය කරන්නේ තවත් ආයෝජනයකට බවත්, සාමාන්‍ය ජනතාව ගේ අතට මුදල් ලැබුණ හොත් ඔවුන් කරන්නේ එය වියදම් කිරීම බවත්, එලෙස වියදම් කිරීම යනු ම සමාජයට මුදල් ගලා යෑම යැයි හෙතෙම පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...