අප රටෙහි දැවෙන ආර්ථික ප්‍රශ්න සංස්කෘතික ප්‍රශ්න ලෙස පරිවර්තනය කරන ප්‍රධාන ම දේශපාලන බලවේග දෙක වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතිකත්වය මත පදනම්ව දේශපාලනයෙහි නියැළෙන කණ්ඩායම් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඒබඳු අදහස් සමාජගත කරමින් ජනතාව රවටන්නේ තක්කඩි බවත් මින් ඉදිරියට ඒබඳු තක්කඩියන් ගේ කතාවලට නොරැවටෙන ලෙසත් දීප්ති රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
අපි රටක් ලෙස දියුණුව කරා ගමන් කරන්නේ නම් අනුගමනය කළ යුත්තේ දකුණු ආසියාවේ ආර්ථික ක්‍රමවේදය යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන – ජයසිරි අලවත්ත
Leave a comment