Home News මෙරට ව්‍යාපාරිකයෝ සැබෑ බෞද්ධයෝ ද…? – Ideas front වීඩියෝවක්
News

මෙරට ව්‍යාපාරිකයෝ සැබෑ බෞද්ධයෝ ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

මෛත්‍රිය, කරුණාව, අධ්‍යාත්මිකත්වය යනාදි සියලු අංගවලින් ලංකාවේ බුද්ධාගම කෙළවරකට ම ගොස් තිබිය දී පවා මෙරට ව්‍යාපාරිකයෝ රටේ පවතින දුප්පත්කම මෙතරම් ඉවසන්නේ කෙසේ දැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විමසයි.

ඔහු මෙලෙස විමසුවේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

රටක් ලෙස අපි හැකි ඉක්මනින් ම මිනිසකුට ශීලාචාර ලෙස මනුෂ්‍යයකු විය හැකි ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගත යුතු බව ද දීප්ති මෙහි දී සිහිපත් කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අපේ රටේ ව්‍යාපාරිකයෝ යනු ලෝකයේ වැඩිම මිල සහිත වාහනය මිලදී ගෙන එය ජනතාවට ප්‍රදර්ශනය කරන අය බවයි.

රටේ ජනතාවට මග පෙන්වන්නේ ඒබඳු පුද්ගලයන් දැයි විපුල එම සාකච්ඡාවේ දී විමසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ලාංකීය ජන සමාජය දැවැන්ත ගිනිකන්දක් මත ද ?

මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවන ලද ‘IF’  YouTube නාලිකාවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්...

News

ගණිතමය සමීකරණ පාර්ශ්වයේ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද…? Ideas front වීඩියෝවක්

ආර්ථික ක්‍රියාවලිය යනු සමාජ සම්බන්ධයක් වුව ද මෙ වන විට එය ඉවත්...

News

රාජ්‍ය නිලධාරින් දේශපාලනඥයින් ගේ මිතුරන් වුව හොත්…? Ideas front වීඩියෝවක්

රාජ්‍ය නිලධාරීන් හැකි තරම් නීත්‍යනුකූලව කටයුතු කළ යුත් බවත් එසේ නොවුණ හොත්...

News

‘ධනවාදය’ ධනවාදීන් අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක් ද…? Ideas front වීඩියෝවක්

ජෝසප් ඉයුජින් ස්ටිග්ලිට්ස් (Joseph Eugene Stiglitz) නමැති ආර්ථික විද්‍යාඥයා පවසන පරිදි ධනවාදයේ...