Home News මෙතෙක් ලෝකයේ පැවති දෘෂ්ටිවාද තුන ම අවසන් – Ideas front වීඩියෝවක්
News

මෙතෙක් ලෝකයේ පැවති දෘෂ්ටිවාද තුන ම අවසන් – Ideas front වීඩියෝවක්

Share
Share

ලෝකයේ නිශ්චිත මොහොතකට පසු රාජ්‍ය පාලනය සඳහා දෘෂ්ටිවාද තුනක් මැදිහත් වූ බවත් එම දෘෂ්ටිවාද තුන ලෙස:

ජාතිකවාදය, ලිබරල්වාදය සහ සමාජවාදය හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නමුත් මේ වන විට යට කී දෘෂ්ටිවාද හෙවත් අදහස් තුනම අවසන් බව ද දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ, බංග්ලාදේශයේ සහ නේපාලයේ එකම ආකාරයේ අරගල තුනක් පැන නැගුණ ද ඒ අතුරෙන් ලංකාවේ අරගලය අවසන් වන්නේ සහ අනෙක් රටවල් දෙකෙහි අරගල අවසන් වන්නේ ක්‍රම දෙකකට බවයි.

ඒ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් විපුල පැවසුවේ අරගලයෙන් පසු ලංකාවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩු ක්‍රම නීතියට අනුව වුව ද නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් අරගලයෙන් පසුව නිශ්චිත අවස්ථාවක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කළ බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන – ජයසිරි අලවත්ත)

උපුටා ගැනීම – newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...