Home News මාලිමා ආණ්ඩුවට ඇත්තට ම හොරු ඇල්ලීමට වුවමනා ද…? – Ideas front වීඩියෝවක්
News

මාලිමා ආණ්ඩුවට ඇත්තට ම හොරු ඇල්ලීමට වුවමනා ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ‘හොරු අල්ලනවා’ යැයි පොරොන්දු වූ බවත්, එම ක්‍රියාවලිය අව්‍යාජ (Authentic) නම් හෝ එය බරපතළ (Serious) ලෙස බාර ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂිත අධිකරණ පද්ධතියක් ස්ථාපිත කළ යුතුව තිබුණා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

වර්තමානයේ රටවල් පෞද්ගලීකරණය වෙමින් පවතින බවත්, එහි ආරම්භය ඇමරිකාව බවත් එම තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදය (Democracy) අහෝසි වෙමින් පවතින බවත් හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නිතිපති ඉවත් කිරිම සම්බන්ධ වන්නේ ලාල් කාන්ත පැවසූ ‘රාජ්‍ය ඇල්ලීම’ නමැති කාර්යයට බවයි.

ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය ඇල්ලීම සඳහා තව දුරටත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ‘පොල්පොට් ක්‍රමවේදය’ යැයි ද විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ආණ්ඩුවේ ජනප්‍රියතාව මනින නිර්මාල් ගේ පවුල් පහ – Ideas front වීඩියෝවක්

අගතිවලින් මිදුණු එක ම සමාජ විද්‍යාඥයා ලෙස නම් කළ හැකි වන්නේ නිව්ටන්...

News

මාලිමා ආණ්ඩුව, නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන තත්ත්වයට පත්වන තුරු සිටියේ ඇයි…? Ideas front වීඩියෝවක්

මේ මොහොතේ ආණ්ඩුව පුද්ගලික මාධ්‍ය පිළිබඳ දොස් පැවරීමෙන් පලක් නොමැති බවත්, ආණ්ඩුව...

News

වෙරිටේ රිසර්ච් ආයතනය යනු කුමක් ද…? Ideas front වීඩියෝවක්

වෙරිටේ රිසර්ච් ආයතනය යනු එක් කාලයක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද, තවත් කලෙක...

News

රාජපක්ෂලා යුද්ධය අවසන් කළාට ප්‍රශ්නය විසඳුණා ද…? – Ideas front වීඩියෝවක්

රාජපක්ෂ පාලනය විසින් යුද්ධය අවසන් කරනු ලැබූව ද උතුරු නැගෙනහිර ජනතාව ගේ...