වත්මන් ජනාධිපතිවරයා සැබෑ නායකයෙකු ලෙස කටයුතු කරන්නේ නම්, වහාම පොදු සාකච්ඡාවක් කැඳවා කමිටුවක් හරහා මෙරට මාධ්‍ය නියාමනය කිරීමට පියවර ගත යුතු බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘අදහස් පෙරමුණ’ (Ideas Front) යූ ටියුබ් නාලිකාව ඔස්සේ මාධ්‍යවේදී නාරද බක්මීවැව සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමිනි.
මංගල සමරවීරගේ යුගයේ සිට මෙතෙක් මාධ්‍ය ක්ෂේත්‍රය භාරව කටයුතු කළ සෑම දේශපාලනඥයෙකුටම මාධ්‍ය නියාමනයක් ඇති කිරීමේ වගකීමක් තිබූ බවත්, එය ඉටු නොවීම බලවත් අඩුවක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා මේ සඳහා නිර්භීතව මැදිහත් විය යුතු බව ඔහුගේ අදහසයි.
මහින්දට වඩා අනුර වෙනස් වන්නේ කෙසේද?
මෙම සාකච්ඡාවට එක්වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක අදහස් දක්වමින් කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පාලන රටාවට වඩා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනස් වන්නේ කුමන කරුණු මතද යන්න ජනතාවට පැහැදිලි කළ යුතු බවයි.
එමෙන්ම, රටේ මූල්‍ය විනය පවත්වාගෙන යාමට අතිශය වැදගත් වන විගණකාධිපති ධුරය තවමත් හිස්ව පැවතීම පිළිබඳව ඔහු ප්‍රශ්න කළේය. සුදුසු නිලධාරියෙකු එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමාද වීම පිටුපස ඇති ගැටලු පිළිබඳවද ඔහු මෙහිදී විග්‍රහයක නිරත විය.
Leave a comment