Home News ජාත්‍යන්තර ආධාර අඩුවීමට හේතුව ජනාධිපති නොව ලෝක ආර්ථික අර්බුදයයි
News

ජාත්‍යන්තර ආධාර අඩුවීමට හේතුව ජනාධිපති නොව ලෝක ආර්ථික අර්බුදයයි

Share
Share

සුනාමි ව්‍යසනය පැවති සමයට සාපේක්ෂව වර්තමානයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ආධාර ලැබීම අවම වී ඇත්තේ ලෝක මට්ටමින් පවතින ආර්ථික අර්බුදය නිසා මිස පුද්ගල සාධක මත නොවන බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න ප්‍රකාශ කරයි.

මාධ්‍යවේදී නාරද බක්මීවැව මෙහෙයවන ‘අදහස් පෙරමුණ’ (Ideas Front) යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ වෙනත් පුද්ගලයකු ජනාධිපති ධුරය හෙබවූවා නම් ආධාර ලැබෙන්නේය යන මතය පදනම් විරහිත බවයි. අනුර කුමාර දිසානායක ජනාධිපති නිසා ආධාර නොලැබෙන්නේය යන තර්කය ප්‍රතික්ෂේප කළ ඔහු, ජාත්‍යන්තර ප්‍රජාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික පසුබෑම මෙම තත්ත්වයට සෘජුවම බලපා ඇති බව අවධාරණය කළේය.

එම සාකච්ඡාවටම එක්වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක අදහස් දක්වමින් කියා සිටියේ මුවට නැගෙන සෑම දෙයක්ම පැවසීම ජනාධිපතිවරයාගේ දුර්වලකමක් බවයි. ජනාධිපති ධුරය යනු වචන අවභාවිත නොකළ යුතු ඉතා බැරෑරුම් තනතුරක් බවත්, එම තනතුරේ වගකීම නිසි ලෙස තේරුම් ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා නිදසුනකට ගනිමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය නායකයෙකු සන්නිවේදනයේදී මීට වඩා විචක්ෂණශීලී විය යුතු බවයි. වත්මන් පාලන තන්ත්‍රයේ ක්‍රියාකලාපය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව විවේචනාත්මක කරුණු රැසක් මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ආණ්ඩුවේ ජනප්‍රියතාව මනින නිර්මාල් ගේ පවුල් පහ – Ideas front වීඩියෝවක්

අගතිවලින් මිදුණු එක ම සමාජ විද්‍යාඥයා ලෙස නම් කළ හැකි වන්නේ නිව්ටන්...

News

මාලිමා ආණ්ඩුව, නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන තත්ත්වයට පත්වන තුරු සිටියේ ඇයි…? Ideas front වීඩියෝවක්

මේ මොහොතේ ආණ්ඩුව පුද්ගලික මාධ්‍ය පිළිබඳ දොස් පැවරීමෙන් පලක් නොමැති බවත්, ආණ්ඩුව...

News

වෙරිටේ රිසර්ච් ආයතනය යනු කුමක් ද…? Ideas front වීඩියෝවක්

වෙරිටේ රිසර්ච් ආයතනය යනු එක් කාලයක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද, තවත් කලෙක...

News

රාජපක්ෂලා යුද්ධය අවසන් කළාට ප්‍රශ්නය විසඳුණා ද…? – Ideas front වීඩියෝවක්

රාජපක්ෂ පාලනය විසින් යුද්ධය අවසන් කරනු ලැබූව ද උතුරු නැගෙනහිර ජනතාව ගේ...